නෙළුම් සෙවණ බුදු පිහිට ලැබේවා !

නෙළුම් සුවඳ සදහම් පාරමිතාව


විශ්වයේ මනසින් උසස්ම සත්වයා මිනිසායි. මිනිසත් බව ලැබීම මහා දුුෂ්කර කාර්යයකි. ලද උතුම් වූ මිනිසත් භවය උපයෝගී කරගනිමින් කෙලෙස් ඉදුරන් වනසා සදාතනික ධර්මතාවය තේරුම් ගැනීමට අදිටන් කල යුතුය. අන්ධානුකරණයෙන් ඉවත් වී යහපත් ලොව දකින්නට මනා සිහියෙන් යුතුව කටයුතු කිරීමට හෙවත් සම්මා දෘෂ්ටියේ පිහිටා සම්මා සතිය වැඩිය යුතුමයි.ජ්‍යෝතිශ්‍ය යනු කාලය පදනම් කරගනිමින් විශ්වයේ බිහිවූ ශ්‍රේෂඨ ශාස්ත්‍රයකි. හුදෙක්ම ජ්‍යෝතිශ්‍ය විසින් සිදු කරනු ලබන්නේ මිනිස් දිවිය පැවැත්මට අවශ්‍ය කරනු ලබන මාර්ගෝපදේශයක් සැපයීම පමණි විශ්වයේ සත්‍ය සත්‍ය ලෙසත් දැකිය හැකි නම් තමාගේ හෘද සාක‍ෂියට අනූව කටයුතු කල හැකි නම් මනස නිරවුල්ව ජීවිතය ගත කල හැකිය. 2009 වසරේ සිට අප මෙම උතුමි මග අනූව යන්නට අදිටන් කළෙමු.බුද්ධ වචනය පෙරටු කර ගනිමින් සෙසු සහෝදර ජාතීන් සමග සහයෝගීත්වයෙන් කටයුතු කරන්නට අප අදිටන් කළෙමු. එම අධිෂ්ඨානය අද මල් ඵල දරා ඇත. විශ්වයම ගමක් වී අවසානය කිසිවෙකුට කිසිවෙකුගේ උදවි නොමැතිව ජීවත් විය නොහැකිය. සැම දෙනාගේ අදහස් යෝජනා අනූව නෙළුම් සුවඳ සදහම් පාරමිතාව නිර්මාණය කළෙමු. උතුම් වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩසිටිින සෙන්කඩගල පුර දළඳා අඩවියේ සිට අප විශ්වය සමග එක්වන්නෙමු.සතියේ සෑම සෙනසුරාදා දිනකම පස්වරු 7 00 සිට නෙළුම් සුවඳ අභිමන් මහ බෝවන්දනාව සිදු කරන්නෙමු. විශ්වයේ පවතින අසිරිමත් සිදුවීමි දැක බලා ගන්නට ඔබ සැමට නෙළුම් සෙවනට පැමිණෙන ලෙස ආරාධනය කරමි. ඔබ සැමට තෙරුවන් සරණ සහ නෙළුම් සෙවණ බුදු පිහිට ලැඛෙිවා යි එක සිතින් පතන්නෙමි.

ජ්‍යෝතිශ්‍යවේදී සම්පත් සමරකොන්


නිර්මාතෘ
නෙළුම් සෙවණ නැකැත් මහගෙදර
නෙළුම් සුවඳ සදහම් පාරමිතාව
නො - 68/ඒ, නෙල්ලිගහකොටුව,
නෙළුම් සෙවණ, යක්ගහපිටිය,ගුන්නෑපාන,
මහනුවර. 077-377036

අරමුණ


තුන් ලොව සිත් සැනසූ උතුම් බුදු පියාණන් වහන්සේගේ බුද්ධ වචන අනුව යමින් කාල විද්‍යාව පදනම් කරගත් අභිමානවත් ශාස්ත්‍රයක් වන ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රයේ අන්තර්ගත තර්ක උපකල්පන පාදක කර ගනිමින් සැමට සේවය කිරිමත් විශ්වයේ ජීවත්වන උතුම් මිනිසුන් සමග මනුශ්‍යත්වයේ සහෝදරත්වය අනූව කටයුතු කිරීම අපගේ පරම අරමුණ වන්නේය.

ආදර්ශ පාඨය - නෙළුම් සෙවණ බුදු පිහිට ලැබේවා !


අපගේ ලිපිනය - නො 68 ඒ,නෙළුම් සෙවණ,යක්ගහපිටිය,ගුන්නෑපාන,මහනුවර

දුරකථනය - 0773770369

ඊ-මේල් - nelumsewana@gmail.com

එන්න..අප හා එක්වන්න.

අපගේ කාර්යයන්


අපගේ කාර්යයන් - අපගේ පදනම වන්නේ ජ්‍යෝතිශ්‍ය හා ධනාත්මක වූ චින්තනයයි. එබැවින් අප මිනිස් ජීවිතයේ කැඩපත වන් ජ්‍යෝතිශ්‍ය අනූව කටයුතු කරන අතර බුදුදහම ආරක්ෂා කිරීමේ කාර්යය හා ප්‍රවර්ධනය කිරීමේ කාර්යය ඉටු කරනු ලබන්නෙමු. වත් පිළිවෙත් පිළිපැදීම තුලින් අප බොහෝ කාර්යයන් ඉටුකරන්නෙමු.


  • නෙළුම් සෙවණ නැකැත් මහගෙදර
  • නෙළුම් සුවඳ සදහම් පාරමිතාව
  • නෙළුම් සුවඳ ළමා සමාජය
  • නෙළුම් සුවඳ කාන්තා සංවිධානය
  • නෙළුම් සුවඳ නෙත් පාදමු අධ්‍යාපන ව්‍යාපෘතිය
  • නෙළුම් සුවඳ පිවිතුරු පුරවර ව්‍යාපෘතිය
  • නෙළුම් සුවඳ ගැමි සරණි ව්‍යාපෘතිය

නෙළුම් සෙවන නැකැත් මහ ගෙදර

ජ්‍යෝතිශ්‍ය පදනම් කරගනිමින් ජන්ම පලාපල පලාපල කථනය ජන්ම පත්‍ර සැකසීම සියළුම සුභමූර්ත සැකසීම, ව්‍යාපාර නැකැත් සැකසීම මංගල නැකැත් විවාහ පොරොන්දම් ගැලපීම, බුද්ධ භාෂිත පිරිත් බලයෙන් ග්‍රහ අපල සමනය කිරීම සඳහා යන්ත්‍ර සහ ආරක‍ෂා සැකසීම.

නෙළුම් සෙවණ ගිලන් පස පූජාව හා අසිරිමත් මහ බෝ වන්දනාව සෙත් කවි සුගායනය හා මහ පිරිත් දේශනාව නවග්‍රහ අපල වෙනුවෙන් නෙළුම් සෙවනට පැමිණෙන බැතිමත් සැම වෙනුවෙන් මෙම සත්ක්‍රියාව ආරම්භ කර ඇති අතර සතියේ සෑම සෙනසුරාදා දිනකම ප ව 7 සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

නෙළුම් සුවද සඳහම් පාරමිතාව


කාලානුරූපීව සිදු කරනු ලබන විද්‍යුත් මාධ්‍ය හා වෙනත් මුද්‍රිත මාධ්‍ය මගින් සිදු කරනු ලබන ධම්ම සාකච්ඡා ජ්‍යෝතිශ්‍ය වැඩමුළු දීප ව්‍යාප්ත නෙළුම් සුවඳ සදහම් වැඩ සටහන් දානමය ශීලමය වැඩසටහන්


නෙළුම් සුවඳ ළමා සමාජය

නෙළුම් සෙවන නැකැත් මහ ගෙදර සහ නෙළුම් සුවඳ සදහම් පාරමිතාව සමග බද්ධවන සැමගේ දුවා දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන වැඩසටහන් බැතිගී ශීල ව්‍යාපාර වන්දනා චාරිකා අධ්‍යාපන වැඩසටහන් සහ අධ්‍යාත්මික ක්‍රියාකාරකම්


නෙළුම් සුවද කාන්තා සංවිධානය

අප සමග සම්බන්ධවන කාන්තාවන් ගේ සාමාජීය ආර්ථීක සංස්කෘතික යන අංශ ප්‍රවර්ධන කරනු ලබන වැඩසටහනකි ස්වයං රැකියා ව්‍යාපෘති වලට යොමු කිරීම ආදී ව්‍යාපෘති.


නෙළුම් සුවඳ නෙත් පාදමු අධ්‍යාපන ව්‍යාපෘතිය

නෙළුම් සෙවණ වෙත පැමිණෙන කුඩා දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් බිහිකර ඇති අධ්‍යාපන ව්‍යාපෘතියකි දරිද්‍රතාවයෙන් පෙළන අධ්‍යාපන කටයුතු වල නිරත ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙම වැඩසටහන නිර්මානය කර ඇත.


නෙළුම් සුවඳ පිවිතුරු පුරවර ව්‍යාපෘතිය

නාගරික පරිසරයට ජීවත්වන දැයේ දුවාදරුවන්ගේ ආරථීක සමාජීය සංස්කෘතික ප්‍රවර්ධනය වෙනුවෙන් ආරම්භ කර ඇති ව්‍යාපෘතියකි.


නෙළුම් සුවඳ ගැමිසරණි ව්‍යාපෘතිය

ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ආර්ථීක සමාජීය සංස්කෘතික අංශයන් ප්‍රවර්ධනය කිරීම සඳහා පිහිටුවා ඇති විශේෂ ව්‍යාපෘතියකි.

නෙළුම් සෙවණට පැමිණිය යුත්තේ ඇයි ?

නෙළුම් සුවඳ සඳහම් පාරමිතාවේ අරමුණ ජාතික සමගිය සහ සම්බුදු සසුනේ චිරස්ථීය වෙනුවෙන් කටයුතු කරනු ලබන සංවිධානයකි. අප බොහෝ කැපකිරීම් සිදු කරමින් නෙළුම් සුවඳ සඳහම් පාරමිතාව නිර්මාණය කළෙමු. අතීතයේ ලද අතිමහත් ශක්තිය හා පන්නරය නිසාම අද අප ඛෙහෙවින් ශක්තිමත් වී ඇත. නැකැත් ශාස්ත්‍රය නැත්නම් ජ්‍යෝතිශ්‍ය පදනම් කරගනිමින් ලොසැමට අප සේවය කරන්නෙමු. ඛෙහෙවින්ම සහෝදරත්වය හා සමානාත්මතාවය අගය කරන්නෙමු. එබැවින් නෙළුම් සෙවන මනුශ්‍යත්වයේ කෙම්බිමකි. අනන්ත අප්‍රමාණ වූ දහම් කඳ ඇසුරු කරමින් සැමටම අප ආර්යය අෂ්ඨාංගික මාර්ගයේ යන්නට කටයුතු කරන අතර අෂ්ට ලෝක ධර්මය අනූව කටයුතු කරන්නෙමු. බොදු,හින්දු,ඉස්ලාමීය,කිතුනු බැතිමතුන් විශාල පිරිසක් නෙළුම් සෙවණට පැමිණෙන්නේ මෙම කරුණු නිසා බව අපට පසක් වී ඇත. ඉපදෙන සැමට මරණය නියත සාධකයකි. උතුම් මිනිසත් බවින් ඵල ප්‍රයෝජන ගෙන විශ්වයට සේවයක් කිරීමට අදිටන් කරගත යුතුය. එම වගකීම හා යුතුකම අප හොඳින් තේරුම් ගත්තෙමු. මනුෂ්‍යත්වයේ උතුමි පිවිතුරු අරමුණු සාර්ථක කර ගැනීමට නෙළුම් සෙවන සමග අතිනත් ගන්නට විශ්වයේ සිටින ඔබ සැමට පිං සිතින් ආරාධනය කරන්නෙමු.

ඔබ සැමට නෙළුම් සෙවණ බුදු පිහිට ලැබේවා

මීට,
නෙළුම් සෙවනේ අපි හැමෝම

ඔබගේ අදහස්, යෝජනා හා චෝදනා අප වෙත දැනුම් දෙන්න.

අපගේ ලිපිනය
නො 68 ඒ,නෙළුම් සෙවණ,යක්ගහපිටිය,ගුන්නෑපාන,මහනුවර

දුරකථනය
0773770369

ඊ-මේල්
nelumsewana@gmail.com